රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා නමැත්තාට එරෙහිව පවතින වෙනත් නඩු දෙකකට අදාළව ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බවට සැකපිට ඔහු පසුගියදා අත්අත්අඩංගුවට ගෙන තිබුණි.

කොටුව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම සැකකරුට එරෙහිව තවත් නඩූ දෙකක් පවතින අතර ඒවාටද ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසටය.

ඡායාරූප සාක්ෂි මත පමණක් පදනම්ව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකළ නොහැකි බව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වාට එරෙහිව පොලීසිය විසින් කරුණු වාර්තා කර ඇත.

කෙසේ වෙතත් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.