මනා පාලනයකින් සහ කළමනාකරණයකින් යුතුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පවත්වාගෙන ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ වැඩසටහනේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් අදාළ අංශවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී අනවසර ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පෙට්‍රල් ලීටර් 606ක් සහ ඩිසල් ලීටර් 6,610ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.