හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
පස්වරු 04.30 දක්වා හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව එය සම්මත කර ගැනීමට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය.
ඒ අනුව මෙම ප්රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වේ.
මේ අතර රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.