නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන අද(25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කර ඇත.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 22 වනදායි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ දිනේෂ් ගුණවර්ධනයි.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර පළාත් පාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා  අමාත්‍යවරයා ලෙස ද පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසද කටයුතු කළේය.

කෘතහස්ත දේශපාලනඥයකු වන  ගුණවර්ධන මහතා මෙරට ප්‍රසිද්ධ වාමාංශික නායකයකුවූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාය.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.