‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ‘වදුරු පැපොල’ වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ ඊයේ (23) වනවිට රටවල් 75 කින් ‘වඳුරු උණ’ ආසාදිතයන් 65,000 කට වඩා වාර්තා වීමත් සමඟය‍. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවය.

ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වයිරස ආසාදිතයන් වාර්තා වුවත්, තවමත් මරණ කිසිවක් වාර්තා වී නැත. අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට ‘වඳුරු උණ’ ආසාදිතයන් දෙදෙනකු වාර්තා වෙයි. ඔවුන් දෙදෙනා ම කේරළ ප්‍රාන්ත වැසියන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුගව සිදුවන්නේ සමලිංගිකයන් අතරේ බවත්, වයිරස ව්‍යාප්තියෙන් සියයට 95 ක් සිදුවන්නේ ලිංගික ඇසුරින් බවත් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් අනාවරණය කර තිබේ. ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ඇමෙරිකන් රජය ‘වඳුරු උණ’ සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රාන්ත මට්ටමින් ලබා දීම ආරම්භ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

‘වඳුරු උණ’ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයකි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමානය. ‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි.

මීට පෙර ද අවස්ථා කීපයකදී අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ රෝගීන් එක්කෙනා හෝ දෙදෙනා හෝ හමුවුවත්, මෙතරම් දරුණුවට ලොව පුරා ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තියක් සිදු නොවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය.

‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි. මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පැතිරෙන්නේ මෙම ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ බව තහවුරු වී අවසන්ය.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.

(ඒ.එෆ්.පී.)

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.