බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතුයි -අගමැති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කරමින් ජනතාව අපේක්ෂාකළ දේ ඉටුකර ගැනීමට බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඊයේ (30)පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක, ඩී. ඒ. රාජපක්ෂ මහත්වරුන් විසින් එකතුවෙලා ආරම්භ කළ පක්ෂය. අපේ හදවත්වල තිබෙන පක්ෂය. නමුත් අපිව පක්ෂයෙන් එළවලා දැම්මට පස්සේ අලුත් පක්ෂයක් හදන්න සිද්ධ වුණා“ යනුවෙන් ද එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com