විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයකට අගමැතිගෙන් යෝජනාවක්

විදේශගත ශී‍්‍ර ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡුාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ 2020 – 2024  මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡුන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡුන්ද අයිතිය ලැබෙන සේ ඡුන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

විදේශගත ශී‍්‍ර  ලාංකිකයන්ට ඡුන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡුන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡුන්ද ක‍්‍රමය ඇතුළු කරුණු රැුසක් පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

-nethnews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *