මෛත්‍රීව නැවත 22වනදා පාස්කු කොමිසමට කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (17) පැමිණියේ සිව්වන දිනටය.

වාර්තාකරු පැවසුවේ එ‍ළඹෙන 22වනදාට නැවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම විසින් නියෝග කළ බවය. 

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *