පොළොන්නරුව රෝහලේ රෝගියෙකුට කොරෝනා

පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (16) වාර්තා කරයි.

අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක් මගින් ඇය ආසාදිතයක් බවට හදුනාගෙන ඇත.

එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය කණ්ඩායම් 2ක් යොදවා ඇත.

-aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *