පූගොඩ තරුණයා මියයෑම – පොලීසියේ දෙදෙනෙකුගේ වැඩතහනම්

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ මුලික පරීක්ෂණයන්ට අදාළව පූගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

ගම්පහ සහකාර පොලිස් අධිකාරී 111 විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණය යටතේ, පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් පසුගිය 11 වනදා රාත්‍රීයේ හදිසියේ අසනීප වී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයක් අනුව මෙම පරීක්ෂණය සිදුකර ඇත.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *