කොළඹ මහනගර සභාවෙන් නිවේදනයක්

කොළඹ මහනගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව නාගරික කොමසාරිස්වරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ, නගර සභවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසය.

වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි බව නාගරික කොමසාරිස්වරිය පෙන්වාදෙයි.

කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර කොළඹ මහනගර සභවේ නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද(16) දිනයේ පීසීආර් පරීක්ෂණයකට භාජනය විමට නියමිතව තිබේ.

නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිය මන්ත්‍රීවරුන් වෙත හඬ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සියලු දෙනා ස්වයං නිරෝධායන වී ආරක්ෂා සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *