යුද හමුදාවේ 71වැනි සංවත්සරය වෙනුවෙන් ජනපතිගෙන් සුභාශිංසන

මව්බිමේ විවිධ තර්ජන, අභියෝග සහ ආපදාවලින් ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව මුර ටැඹක් ලෙස ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සක්‍රීය සහ විජයග්‍රාහී දායකත්වයක් ලබාදී ඇති බවය.

අදට (10) යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 71වන සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කැපවීම ඉතා අගය කරන බව පෙන්වාදෙන ජනාධිපතිවරයා රටේ ආරක්ෂාවට, ආපදා කලමනාකරණයට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදෙන ශක්තිය පිළිබඳව ස්තූතිය පළකර තිබේ.

-Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *