‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි.

”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ පාර්ලිමේන්තුවට පමණි. යෝජිත 20වන සංශෝධනය යටතේද එය එසේම වේ. ඒ නිසා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය නොවෙනස්ව පවති.” යයි උදය ශ්‍රී කාරියවසම් සිය ලිපිය මගින් අවධාරණය කර සිටියි.

”යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල අඩුවීමක් කිසිදු විටෙක සිදුවන්නේ නැත. විගණකාධිපතිවරයාගේ වරම, කාර්යභාරය සහ බලතල පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට පෙර සහ 19 වන සංශෝධනයෙන් පසුවද සදහන් කර තිබේ. යෝජිත 20 වන සංශෝධනය මගින් ද තත්වය එසේම වේ.”

19 වන සංශෝධනය මගින් කොටස් ප්‍රාග්ධනයෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයක් රජයට, පළාත් පාලන ආයතන වලට හෝ රාජ්‍ය සමාගම් වලට අයත්ව තිබුණු, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබු, සිමාසහිත සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කරන ලදි.

එම සමාගම් වල විගණනය 19 වන සංශෝධනයට පෙර ඉතිහාසය පුරාවට විගණනය කරනු ලැබුයේ විගණකාධිපතිවරයා විසින් නොව සමාගම් පනතේ ප්‍රතිපාදන යටතේ පත්කරනු ලබන පෞද්ගලික විගණකවරයෙකු විසිනි.

යෝජිත 20 වන සංශෝධනය සිදුවන්නේ එවැනි සමාගම් යලිත් සමාගම් පනතේ ප්‍රතිපාදන වලට අනුව විගණනයට භාජනය කිරිමයි.

කරූ ජයසුරිය මහතා චෝදනා කර ඇත්තේ විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත 20වන සංශෝධනය මගින් අඩුකර ඇති බවයි. එය අමුලික බොරුවකි.

යෝජිත 20 වන සංශෝධනය සිදුවන්නේ එවැනි සමාගම් යලිත් සමාගම් පනතේ ප්‍රතිපාදන වලට අනුව විගණනයට භාජනය කිරිමයි.

යෝජිත 20වන සංශෝධනය යටතේ විගණකාධිපතිවරයා විසින් යම් යම් සමාගම් වල විගණනය සිදුකිරීමට 19වන සංශෝධනය මගින් පවරාතිබු කාර්යභාරය විගණකාධිපතිවරයාගෙන් ඉවත්කර තිබේ.

එය බලතල අඩුකිරීමක් නොවේ.

වාණිජමය සමාගම් වල විගණන කටයුතු සදහා රාජ්‍ය මුල්‍ය පාලන ක්‍රම අදාල කිරීම මගින් ඒවායේ කාර්යක්ෂමතාවයට බාධා පැමිණේ.

විගණන කොමිසම අහෝසිවීම නිසා විගණකයාගේ ස්වාධීනත්වට අගතියක් සිදුවන කිසිදු තත්වයක් උද්ගත වන්නේ නැත.

19වන සංශෝධනය ගෙන ඒමට පෙර විගණන සේවා කොමිසමක් තිබුණේ නැත.

ලෝකයේ ප්‍රධාන දියුණ රටවලද විගණන කොමිසම් නැත. එයින් අදහස් කරන්නේ 19වන සංශෝධනය ගෙන ඒමට පෙර විගණකාධිපතිවරයාට ස්වාධීනත්වයක් නොතිබු බවද?

නැතහොත් විගණකාධිපතිවරයාට ස්වාධීනත්වය හිමිවුයේ 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසාද?

අනෙක් අතට කවදත් විගණකාධිපතිවරයාව පත්කරනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි.

19 වන සංශෝධනය මගින් සිදුවුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයාව පත් කිරිමයි.

කෙසේ වුවද එදත්, අදත්, හෙටත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය පරිදි විගණකාධිපතිවරයාව ඉවත් කිරීමට නෛතික ප්‍රතිපාදන නැත.

”තවද විගණකාධිපතිවරයා ලෙස පත්කල යුත්තේ කවර පුද්ගලයෙක්ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සදහන්ව තිබු අතර ඒ සම්බන්ධ කිසිදු වෙනසක් 20වන සංශෝධනය මගින් යෝජනා කර නැත. ”

තවද විගණකාධිපතිවරයා ලෙස පත්කල යුත්තේ කවර පුද්ගලයෙක්ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සදහන්ව තිබු අතර ඒ සම්බන්ධ කිසිදු වෙනසක් 20වන සංශෝධනය මගින් යෝජනා කර නැත.

එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ පාර්ලිමේන්තුවට පමණි. යෝජිත 20වන සංශෝධනය යටතේද එය එසේම වේ. ඒ නිසා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය නොවෙනස්ව පවති.

ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විගණනය !

කරූ ජයසුරිය මහතාගේ ලිපියෙහි සදහන් තවත් චෝදනාවක් වන්නේ ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විගණකාධිපතිවරයාගේ විෂය පතයෙන් ඉවත්තර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ සියළුම රජයේ දෙපාර්තමේන්තු වල ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනය කළයුතු බව 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සදහන්ව තිබුණි.

ඒ අනුව එකල ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය සහ අගමැති ලේකම්වරයාගේ කාර්යාලයේ ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට භාජනය කරන ලදි.

ඒවා “කාර්යාල” යනුවෙන් හැදින්වුවද රජයේ දෙපාර්තමේන්තු ලෙස ක්‍රියාත්මක වේ.

19වන සංශෝධනයේදි සිදුවුයේ “සියළු රජයේ දෙපාර්තමේන්තු” යන්නට අමතරව “ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය” සහ “අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යාලය” යනුවෙන් විශේෂිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තියට ඇතුල් කිරීමයි.

යෝජිත 20වන සංශෝධනය මගින් “ජනාධිපති ලේකම් කාර්යාලය” සහ “අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය” යන කොටස් දෙක ඉවත්කර ඇතත් 154 (1) වගන්තිය යටතේ තවදුරටත් එම ආයතන දෙක රජයේ දෙපාර්තමේන්තු යටතේ විගණකාධිපතිවරයාගේ විගණනයට භාජනය වේ.

”යෝජිත 20වන සංශෝධනය මගින් “ජනාධිපති ලේකම් කාර්යාලය” සහ “අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය” යන කොටස් දෙක ඉවත්කර ඇතත් 154 (1) වගන්තිය යටතේ තවදුරටත් එම ආයතන දෙක රජයේ දෙපාර්තමේන්තු යටතේ විගණකාධිපතිවරයාගේ විගණනයට භාජනය වේ.”

එමනිසා ජයසුරිය මහතාගේ නොදැනුවත්කම නිසා හෝ හිතාමාතා මහජනතාව නොමග යැවිමේ අරමුණින් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදුකරන ලද බව පෙනි යයි.

19වන සංශෝධනය ගෙන ඒමට පෙර විගණකාධිපති දෙපාර්තමේන්තුව නමින් හදුන්වනු ලැබු ආයතනය දැන් “ජාතික විගණන කාර්යාලය” යනුවෙන් හදුන්වයි.

එහෙත් නම වෙනස් වුවද එය තවදුරටත් රජයේ දෙපාර්තමේන්තුවක් බව සදහන් කළයුතුය.

අතිරේක විගණකාධිපති තනතුරු තුනක් පුරප්පදුවෙලා !

ඇත්ත වශයෙන් කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළයුත්තේ විගණන කොමිසම ගෙන ඒමෙන් පසුව විගණකාධිපතිවරයාගේ කාර්යභාරය ඉටුකිරිම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, ඔවුනට අවශ්‍ය පුහුණුව සහ ඒවාට අවශ්‍ය අරමුදල් 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව කොතෙක් දුරට වැඩිකර දුන්නේද යන්න මහජනතාවට පැවසීමයි.

මේ වනවිට ජාතික විගණන කාර්යාලයේ අතිරේක විගණකාධිපති තනතුරු තුනක් තිබෙන නමුත් එම තනතුරු තුනම පුරප්පාඩුව පවති.

එසේම නියෝජ්‍ය විගණකාධිපති, විගණන අධිකාරි සහ විගණන පරීක්ෂක යන සියළුම ක්ෂේත්‍රවල සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවති.

එයින් පෙනි යන්නේ 19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපනය කරනු ලැබුවද විගණකාධිපතිවරයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබාදීමට ඔවුන් අපොහොසත්ව ඇති බවයි.”

(උදයශ්‍රී කාරියවසම් )
වරලත් ගණකාධිකාරි
2020 ඔක්තෝම්බර් 06

-Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *