තවත් ආසාදිතයින් සිව්දෙනෙක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

අද දිනය තුළ මේ දක්වා හමුවී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 196කි.

ඉන් 194 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ අය වේ.

අද හඳුනාගත් එක් අයෙක් කටුනායක ගුවන්තොටුපළේ සනීපාරක්ෂක අංශයේ සේවිකාවක් වන අතර අනෙක් පුද්ගලයා වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකි.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *