වයඹ පළාතේ ටියුෂන් පංති තාවකාලිකව නවතා දැමේ


හෙට සිට වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ දිවුලපිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවගේ, ආසාදිත දියණිය ඉගෙනුම ලැබූ පාසැලේ සිසු සිසුවියන් 48 දෙනා ඇතුළු ගුරුවරුන් හා සේවකයින් 53 දෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අද අනාවරණ වුණා. ඒ, ඔවුන්ට සිදුකළ PCR පරීක්ෂණවල වාර්තා නිකුත්වීමත් සමගයි.

එම වාර්තා අනුව අදාළ පිරිසට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. දිවුලපිටිය ප‍්‍රදේශයෙන් පළමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවගේ දියණියට ද එම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග එම පාසැලේ සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුළු 1300 කට ආසන්න පිරිසක් සඳහා එලෙස PCR පරීක්ෂණ සිදු කෙරුණා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *