ආණ්ඩු පක්ෂ සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දීමක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් අද (05) පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම රැස්වීමට සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *