සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ජනතාවට දැනුම් දෙයි

පවතින තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරින් ප්‍රධාන නගර ආශ්‍රිතව සැරිසැරූ පුද්ගලයින්ට මුඛ ආවරණ පැළදීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිබඳ ව නැවත උපදෙස් දෙනු අද (04) දැකිය හැකිවිය.

පසුගිය සමය පුරා ජනතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

පිටතට යනවිට මුඛ ආවරණයක් පැළඳීම, දෙදෙනෙකු අතර අවම පරතරය මීටරයක්වත් තබාගෙන දුරස්ථභාවය රැකගැනීම, හැකි සෑම විටම සබන් හෝ විෂබීජනාශක දියර යොදා දෑත් පිරිසිදු කරගැනීම, නිතර නිතර මුහුණ ස්පර්ශ නොකිරීම යනාදිය නැවතත් පිළිපැදීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *