පාසල් ළමුන් ඉලක්ක කර ගත් ජාවාරමක්

බුත්තල ප්‍රදේශයේ පාසල් ළමුන් හා උපකාර පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර බාබුල් ඇසුරුම් 5300ක් සොයාගත් අතර, එම එක් ඇසුරුමක් රුපියල් 10 බැගින් අලෙවි කර ඇති බව පොලීසිය පැවසුවේ.

පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් ඉතාමත්ම සූක්ෂම ලෙස බුත්තල නගරයේ දී මෙම ජාවාරම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 57 සහ 65 යන වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *