අගමැති මාමා නිවසක් දුන්නා

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී එහි පැමිණ සිටි දරුවකු තමන්ට නිවසක් නොමැති බවට භාරදුන් ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිවරයා නිවසක් ලබාදීමට පොරොන්දු වී ඇත.
ලිපිය කියවා බැලූ අගමැතිවරයා එම දරුවා සම`ග පැමිණ සිටි මව කැඳවා නිවාස ගැටලූව විමසා නිවසක් ලබාදීමට පොරොන්දු වී නිවාස අධිකාරියේ සභාපතිවරයා හමුවන ලෙසට දැනුම් දී තිබේ.
පුර පසළොස්වක පොහෝ දිනයක් වූ පෙරේදා (01දා) අභයාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් හා දරුවන් සම`ග සුහද කතා බහක යෙදුණු අගමැතිවරයා සම`ග දරුවෝ ඡායාරූප ගත්හ.
විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදැකීමට අගමැතිවරයා විහාරස්ථානයට පැමිණි අතර මෙම අවස්ථාවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුද එක්ව සිටියහ.
අනුර බාලසූරිය-divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *