හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අක්කරපත්තු, ඔළුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තු පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 19,000ක මුදල් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස 25 ත් 35ත් අතර වයසේ පසුවන පාලමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.

ඔවුන් අද (01) අක්කරපත්තු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අක්කරපත්තු පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *