ලෝක ළමා දිනය අදයි

“අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) දිනයේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිතය.

ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවය.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.

-adaderana.

පසුතලය – නාවින්න පොලිමෙත් ජාත්‍යන්තර පාසලේ ලෝක ළමා දින සැමරුම ඡායාරූපය – තුෂාර අතපත්තු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *