විත්ති කූඩුවේ සිට ‘පොඩි ලැසී’ අඬයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘පොඩි ලැසී’ නමැත්තා (25 දා* ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චූදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනු ලැබීය. මොහු විත්ති කූඩුවේ සිටියදී මොහුගේ දෑස්වලින් කඳුළු කැට වැටෙනු දැකගත හැකි විය.

බූස්ස බන්ධනාගාරයේ සිට සැකකරු දැඩි ආරක්ෂක රැුකවල් මැද රැුගෙන ආ අතර සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙකී නඩුවේ පළමු චූදිතයා ලෙස ‘කොස්ගොඩ තාරක’ නමැත්තා නම්කර සිටින අතර දෙවැනි චූදිතයා ලෙස ‘පොඩි ලැසී’ නම්කර ඇත. මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට පෙර ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. මෙකී නඩුව සම්බන්ධයෙන් තවත් රැුඳවියන්ගෙන් හා මාකඳුරේ මධුෂ්ගෙන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් ඒ නිසා විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා මොහු තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ කරණු දක්වමින් මෙසේ පැවසීය.

මෙකී නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටින ‘කොස්ගොඩ තාරක’ හා දෙවැනි සැකකරු ලෙස නම්කොට සිටින ‘පොඩි ලැසී’ නමැත්තා ඒ අයුරින් තර්ජනය නොකළ බවට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. නමුත් මොවුන් 11 වැනිදා බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කළා. දින 05ක් උපවාස කළා. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයක්. නීති විරෝධී ක‍්‍රියාවක්. අධිකරණයට කළ අපහාසයක්. උපවාස කිරීමට පෙර ආපනශාලාවෙන් ආහාර රැුස්කර ගෙන තිබෙනවා. මාකඳුරේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් හෙරොයින් කිලෝ 12ක්, ගිනි අවි 05ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඊට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගෙන තියෙනවා. මෙම සැකකරු ද මෙකී ජාවාරම්වලට සම්බන්ධ බව පරීක්ෂණවලදී අනාවරණය වී තියෙනවා. මෙහි පළමු සැකකරු වන ‘කොස්ගොඩ තාරක’ රැුඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉන්නවා. ‘කොස්ගොඩ තාරකගේ’ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂයක් පවත්වනවා. මොහු ප‍්‍රකාශ කර තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයකු ආරක්ෂාව ගන්න තරහට ප‍්‍රකාශයක් කළ බව. ඩුබායි රටේදී සැපපහසුකම් ලබා දුන් බව ද ප‍්‍රකාශ කර තියෙනවා. මේ ගැන බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් හා මාකඳුරේ මධුෂ්ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නවා. මෙම සැකකරු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අනාවරණය වී තියෙනවා. ඒ අම්බලන්ගොඩ හා ගාල්ල යන ප‍්‍රදේශවල. මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් රැුඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරනවා. මේ ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ඉල්ලීම් කර තියෙනවා.

අපරාධකරුවන්ට ආරක්ෂාව ලබා දෙන්න කියා මා ඉල්ලා සිටියේ නැහැ. නමුත් ජනතාවට ආරක්ෂාව සැලසිය යුතුයි. නිදහස් පුද්ගලයන් බියට පත්කරන්න දෙන්න බැහැ. ඒ අයට විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ. තර්ජනය කිරීම වසර 07කට සිරදඬුවම් ලැබිය හැකි වරදක්.

මෙහිදී ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා තමන්ට මේ සම්බන්ධ යමක් කීමට ඇද්දැයි විමසා සිටියේය. එහිදී ‘පොඩි ලැසී’ නමැත්තා ප‍්‍රකාශ කොට සිටියේ තමන් එවැනි තර්ජනයක් නොකළ බවය. තමන් ඇප කොන්දේසි සපුරා ඇද්දැයි මහෙස්ත‍්‍රාත්වරයා විමසීමක් කළ අතර එහිදී සැකකරු ප‍්‍රකාශ කර සිටියේ තමන්ට ඇත්තේ එක් නඩුවක් බවය.

මේ ගැන කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා ‘පොඩි ලැසී නමැත්තා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා පෙනී සිටියේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි-divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *