කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අද


කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (27) අවසන් දිනයයි.

ඉකුත් 18 වැනිදා ආරම්භ වූ මෙම ප‍්‍රදර්ශනය නැරඹීම සදහා ගත වු දින කිහිපයේදී විශාල ජනකායක් පැමිණියා.

අද දිනයේද බොහෝ පිිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇති බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය සඳහන් කළේ. 

ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ්. එම්. විශේෂ කුටියක් ද ස්ථාපිත කර තිබෙනවා. අද දිනයේ ද නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබීමට සහ පොත් කැටයට පොතක් පරිත්‍යාග කිරීමට ඔබට අවස්ථාව හිමි වනවා.

-nethnews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *