බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් අත්අඩංගුවට

ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත බලපිටිය මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
නිවස තුළ තිබී පැකට් කරන ලද හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 250ක් සොයා ගෙන තිබේ.
ඒ සමග අත්අඩංගුවට ගත් කාන්තාව සිව්දරු මවක් වන අතර ඇයව අද (26) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකය විසින් කරන්දෙණිය ප්‍රදේශයේ දී හෙරොයින් සමග පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එයින් එක් සැකකරුවෙකුගෙන් ලද හෝඩුවාවක් මත නිවසක ගෙවත්තේ පඳුරක් යට සඟවා තිබූ මත්කුඩු පාර්සලයක් ද සොයා ගෙන තිබේ.

එහි හෙරොයින් ග්‍රෑම් 5ක් තිබී ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *