බෝම්බ කුමාර අත්අඩංගුවට‍

මාතලේ හා රත්තොට ප්‍රදේශයන් හි කුඩු ජාවාරමේ යෙදුණු “බොම්බ කුමාර“නැමැත්තා අද (25) මාතලේ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, හෙරෝයින් ග්‍රෑම් 02ට අධික ප්‍රමාණයක් ද සමගිනි. 

මාතලේ,රත්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු විසින් නිවසේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලීසිය සඳහන් කරයි.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *