මිල්ලව දී පුද්ගලයෙක් ව යටකර පළා ගිය වාහනය සොයා පොලිස් පරීක්ෂණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ.

හම්බන්තොට – අම්බලන්තොට මාර්ගයේ තෙල් පිරිපහදුව අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා පාපැදියක් තල්ලු කරමින් යනවිට ලොරි රථයක් ඔහුගේ ඇඟේ ගැටී ඇතිබව පොලීසිය පැවසීය.

එම අනතුරින් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙකි.

මේ අතර, හබරාදූව පොලිස් වසමේ, බොනවිස්ටාව, රූමස්සල අතුරු මාර්ගයක සිදුවූ අනතුරකින් 53 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

රූමස්සල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇත.

මේ අතර හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ පරගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 27 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

හබරණ දෙසට ධාවන වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීයාමෙන් එම අනතුර සිදුව තිබේ.

මේ අතර, කුරුණෑගල-මහනුවර මාර්ගයේ මිල්ලව ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක් ව මහනුවර දෙසට ධාවනය වූ හඳුනානොගත් වාහනයකින් හප්පා පළා ගොස් තිබේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, කෙළඹ – මහනුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි කෙසෙල්වතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *